අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තයට වියට්නාමයේ සහාය

    මාර්තු 15, 2017

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් හඳුන්වා දී ඇති නිල් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  පුර්ණ සහය ලබාදීමට වියට්නාම රජය කැමැත්ත පළ කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ වියට්නාම තානාපතිනි Phan Kieu Thu මහත්මිය අතර ඊයේ (14)  හමුවක්  අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති අතර එහිදී වියට්නාම තානාපතිවරිය මේ බව සඳහන් කළාය.

     

    මෙහිදී නිල් ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම බහුකාර්ය ධීවර වරාය ඉදිකිරීමේ වැඩපිළිවෙළ , ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක වැඩපිළිවෙළ , ධීවර කර්මාන්තය ආශ්‍රිත අනාගත සංවර්ධන ඉලක්ක සහ ජලජිවි වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින් වියට්නාම තානාපතිවරිය දැනුවත් කරන ලදී.

    මෙම වැඩපිළිවෙළ කඩිනමින් ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටි තානාපතිවරයා ඒ අනුව දෙරට අතර මනා සහයෝගයෙන් ධීවර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා නිල් ආර්ථික වැඩපිළිවෙලට සමගාමී ව්‍යාපෘති වාර්තා කඩිනමින් තානාපතිවරිය වෙත ලබා දීමට කටයුතු කරණ බව රාජ්‍ය අමාත්‍යරවයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya