අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    ජනවාරි 19, 2017

    රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් පහ වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයක්  රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    යුද්ධයේදී දිවිපිදු හා ආබාධිත වූ රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් 2015 පහ වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන් 103 සඳහා රු.20,000 වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරිණි.


    මෙම ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි පළමු අදියර ගනේමුල්ල ක්මාන්ඩෝ රෙජිමේන්තුවේදී පැවැත්වුණු අතර එහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන් 58 දෙනෙකු අගයා ප්‍රතිලාභ ලබාදී තිබේ.

    මෙම වැඩසටහනේ දෙවන අදියර පසුගියදා නාවික හමුදා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර එහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දු දරුවන් 45 දෙනෙකු ප්‍රතිලාභ ලබාදී ඇත.

    මෙම වැඩසටහනට අමතරව අධ්‍යාපනයට ශක්තිමත් අත්වැලක් සැපයීම සඳහා දැනට 6 වසරේ සිට 11 වසර දක්වා පාසල් අධ්‍යාපනය  ලබන රණවිරු දූ දරුවන් හට ලබා දෙන රු.12,000ක වටිනා කමින් යුත් ශිෂ්‍යත්වයද ලබා ගැනීමේ වරප්‍රසාදය හිමිවේ.  මෙහිදී රණවිරු සේවා අධිකාරිය මගින් එම දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ඉතිරිකිරීමේ ගිණුමකට මාසිකව මුදල් බැර කිරීම සිදු කරනු ලැබේ.

    යුද්ධයේ දී දිවිපිදු හා ආබාධිත වූ රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් මේවන විට රණවිරු සේවා අධිකාරිය මඟින් ශිෂ්‍යත්ව 15,000 කට අධික ප්‍රමාණයක් ලබාදී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya