අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය වෘත්තියට ශක්තියක්- ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට

    ජනවාරි 19, 2017

     ''ඇසිදිසි '' ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 20 දින පෙ.ව 10.30ට ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.

    වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසළතවයෙන් සහ ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් ආරම්භ කළ ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තෝරාගත් ජනමාධ්‍යවේදීන්ට මෙදින ශිෂ්‍යත්ව පිරිනැමෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රික මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන  පදනම යටතේ සේවයේ නියැලී සිටින මාධ්‍යවේදීන් සහ නිදහස් ජනමාධ්‍යවේදීන් මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබාදීමට තෝරාගෙන තිබේ.

     

    දේශීය විශ්වවිද්‍යාල,රජයේ උසස් අධ්‍යාපන හා පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන පශ්චාත් උපාධි,කෙටි කාලීන සහ දිගු කාලීන සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලා මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන්ට තෝරාගත හැකිය.

     

    මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටහේ අපසු නොගෙවීමේ පදනම මත රුපියල් 100,000ක උපරිමයට යටත්ව පාඨමාලා ගාස්තු පිරිනැමේ.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාද සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya