අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයට මුහුණ දීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව පූර්ව සූදානමක සිටියා - කෙටි කාලීන හා දීර්ග කලීන විසඳුම් සඳහා අවශ්‍ය කටයුතු කරනවා

    ජනවාරි 18, 2017

    නියඟයට  මුහුණ දීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අවශ්‍ය පූර්ව සූදානමක සිටීමට හැකියාව ලැබුණා. කෘෂි වගාවන් ආරක්ෂා කිරීම ගැන සකච්ඡා කර තිබෙනවා. පානීය ජල ගැටළුවට විසඳුම් සොයා බලනවා. කෙටි  කාලීන හා දීර්ග කලීන විසඳුම් සඳහා සාකච්ඡා කර දැනටමත් අවශ්‍ය කටයුතු කරනවා යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්. ඩබ්ලිව්. රත්නායක මහතා පවසයි.

    ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදු වී තිබෙන බලපෑම සහ ඉදිරි වැඩසටහන පිළිබඳව අද (18) කොළඹ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

     

    නියඟ තත්ත්වය සම්බන්ධයෙන් පවතින කාලගුණය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව දැනුවත් කිරීමක් කර තිබුණා. ඒ අනුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අවශ්‍ය පූර්ව සූදානමක සිටීමට හැකියාව ලැබුණා. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලය සම්බන්ධයේ හොඳ කළමනාකරණයක් කර තිබෙනවා.නියඟය තත්ත්වය හේතුවෙන්  ඉදිරියේ දී වගා කළ යුතු කෘෂි බෝග මොනවාද? ජලය අඩුවෙන් භාවිත කළ හැකි බෝග මොනවාද? සාකච්ඡා කරනවා.මේ වනවිට සෑම ක්ෂේත්‍රයකටම නියඟය බලපා තිබෙනවා.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා, සියලු අංශ නියෝජනය කරන්න.අපි සෑම විටම සූදානමින් සිටිනවා.දැනට පවතින කෘෂි වගාවන් ආරක්ෂා කිරීම ගැන සකච්ඡා කර තිබෙනවා. පානීය ජල ගැටළුවට විසඳුම් සොයා බලනවා. කෙටි කාලීන හා දීර්ග කලීන විසඳුම් සඳහා සාකච්ඡා කර දැනටමත් අවශ්‍ය කටයුතු කරනවා.මේ වනවිටත් හොඳ ජල පාලනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙනවා'' යැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya