අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිතින් , ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතියක්

    ඔක්තෝබර් 22, 2016
    අපද්‍රව්‍ය කලමණාකරන ජාතික වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ඔක්තොම්බර් මස 24 වන දින පෙ.ව 9 ට  ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. 
    ජනාධිපති තුමන්ගේ පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක අපද්‍රව්‍ය කලමණාකරන ජාතික වැඩසටහන මගින් පොලිතින් , ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය නිරාවරණ සතියක් 2016 ඔක්තොම්බර් 24 වැනි දින සිට 30 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.
     
    එම සතිය තුළ දිවයින පුරා ප්‍රධාන නගර , මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල මහ නගර සභාව, නගර සභාව සහ ප්‍රාදේශීය සභා පරිශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් පොලිතින් ප්ලාස්ටික් සහ ඉලෙට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ.
     
    ඒ අනූව නිවාස සහ ආයතන මට්ටමින් එක්රැස් වන එකී අපද්‍රව්‍ය 24 වන දින සිට 28 වන දක්වා එක්රැස් කිරීමේ රථයට හෝ ආසන්නතම එක්එරැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් භාර දිය හැක.
     
    මෙම වැඩසටහන යටතේ සමනල ක්‍රීඩාංගනයේ තාවකාලිකව ස්ථාපිත කොට ඇති අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයට පොලිතින් , ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගෙනවිත් භාර දය හැක.
     
     මෙහි සමාරම්භක අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය නියොජනය කිරිමින් මැති ඇමතිවරු කිහිපදෙනෙකු ද සහබාගී වීමට නියිමිතය.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya