අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපීය පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක්

    ඔක්තෝබර් 21, 2016
    යුරෝපීය පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටු සාමාජික සාමාජිකාවන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අදහස් හුවමාරු කර ගැනීමේ විශේෂ සැසියක් පසුගිය දා දහවල් යුරෝපීය පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
    යුරෝපීය පාර්ලිමේන්තු විදේශ කටයුතු කමිටු සභාපති එල්මා බ්‍රොක් (Elmar Brok) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිය මෙහෙයවන ලද්දේ දකුණු ආසියා නියොජිත ප්‍රධානී ජීන් ලැම්බර්ට් (Jean Lambert) මහත්මිය විසිනි.
     
    ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ හා ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජීන් ලැම්බර්ට් මහත්මිය, එවන් යහපාලන ගමන් මගකට පිවිස ඇති ශ්‍රී ලංකාව වෙත සහය ලබා දීමට යුරෝපීය පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව පැවසුවාය.
     
    ශ්‍රී ලංකාවේ නව ගමන් මාර්ගය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව විදේශ කටයුතු කමිටු සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් ප්‍රශ්නෝත්තර වාරයක් ද පැවැත්විණි.
    සාර්ක් සංවිධානයේ අනාගතය, ශ්‍රී ලංකාවේ සංහිදියාව ඇති කරලීම, ආර්ථික සංවර්ධනය, දුගී භාවය තුරන් කරලීම, යහපාලනය ආදී විෂයයන් ගණනාවක් ආශ්‍රිතව ප්‍රශ්න ඉදිරිපත් කෙරුණු අතර, අග්‍රාමාත්‍යවරයාත්, සාගල රත්නායක අමාත්‍යවරයාත් ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන ලදී.
     
    ප්‍රශස්ථ හා පරිපූර්ණ අන්දමින් කරුණු පැහැදිලි කිරීම පිළිබඳව සභාපති එල්මාර් බ්‍රොක් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාව වෙත සිය උපරිම සහය ලබා දීමට ක්‍රියා කරන බව ද ඔව්හු පැවසූහ.
    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya