අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්පිටියේ ධීවර විරෝධතාවට ස්ථිර විසදුමක් ලබාදීමට කඩිනමින් කටයුතු කරනවා-ධීවර රාජ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 21, 2016
    සුළුපන්න ධීවරයින් හා ලයිලා, සුරුක්කු දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් අතර කල්පිටියේ උද්ගතව ඇති තත්වයට කඩිනම් ස්ථිරසාර විසදුමක් ලබාදීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    කල්පිටියේ ධීවර විරෝධතාව පිළිබදව දැනගත් අවස්ථාවේදීම ඒ පිළිබදව, සියළු පාර්ශව වලින් කරුණු විමසු බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරචිචි මහතා පැවසීය.
     
    සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ සමූපකාර සමිතියේ 39 වැනි වාර්ෂික සම්මේලනයට සහභාගීවීමට  හලාවතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ පැවසීය.
     
    අමාත්‍යවරයා  පැවසුවේ මෙම ධීවර ගැටළුව පිළබදව ධීවර කැබිනට් අමාත්‍යවරයා සමග මෙන්ම අගමැතිවරයා හා අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර සැමට පිළිගතහැකි විසදුමක් ලබාදීමට කටයුතු කරන බවය.
     
    එම විසදුම ලබාදෙන තෙක්  සාමකාමීව සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සියළු ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya