අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්මුතිවාදී ආණ්ඩුවෙන් ජයග්‍රහණ රැසක්

    අගෝස්තු 24, 2016

    සම්මුතිවාදී ආණ්ඩුවක් සාදා සුවිශේෂි ජනතා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    විදුලි පුටුව, යුද අපරාධ චෝදනා දේශපාලන ශබ්ද කෝෂයෙන් ඉවත් කිරීමට සම්මුතිවාදී ආණ්ඩුවට හැකි වූ බව අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙරට ඉඩම් විදේශ රටවලට සින්න වීමට තිබුණු ගිවිසුම් මෙරටට යහපත් වන පරිදි සකස් කිරීමට හැකි වූ බවයි.

    සෑම නිවසකටම විදුලිය ලබාදීම යටතේ පසුගිය වසර තුළ නිවාස 160,000කට ගෙවීමකින් තොරව විදුලිය ලබා දීමට හැකි වූ බවත් සෑම දරුවෙකුටම අධ්‍යාපන ලබාදීම වෙනුවෙන් දැවැන්ත සැලසුම් ආරම්භ කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අධ්‍යාපනය වෙනුවෙන් රුපියල්  බිලියන 63ක් වෙන් කර පාසල් 7,000ක් සංවර්ධනයට මූලික පියවර ගෙන තිබේ.

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම, G7 වැනි ලෝකයේ රටවල් බලවත් නායකයින් සහභාගිවන සමුළුවකට පළමුවරට මෙරට රාජ්‍ය නායකයාට ආරාධනා ලැබීම වැනි ජාත්‍යන්තර මට්ටමේ සම්බන්ධතා ශක්තිමත් කිරීමට පසුගිය වසරක් වැනි කාලයක් තුළ හැකි වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

    මාර්ග සංවර්ධන කටයුතු සඳහා මහජන මුදල් දූෂණයෙන් තොරව යෙදවීම යනාදී ජනතා ජයග්‍රහණ රැසක් අත්කර ගත්තා සේම ඉදිරි වසර තුළ ගුවන් හා වාරය ආදායම් එන මාර්ග බවට පත් කර, විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වීම, රැකියා අවස්ථා පුළුල් කිරීම හා ණය බරින් මුදවා ගැනීම වෙනුවෙන් විශාල සැලසුම් සකස්  වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya