අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රවණාබාධිතයන් සඳහා පරිවර්තකයන් 50 ක් වහාම බඳවා ගන්න - අමාත්‍ය එස්.බී.දිසානායක

    ජූලි 01, 2016
    ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පුද්ගලයන් ලක්ෂ 05කට අධික පිරිසකගේ සන්නිවේදන කටයුතු සිදු කිරීම සඳහා පුහුණුව ලත් පලපුරුදු සංඥා භාෂා පරිවර්තකයන් සිටිනුයේ 10 දෙනෙකුටත් අඩු පිරිසක් බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකදී  අනාවරණය වී ඇත.
    මේ හේතුව නිසා මෙරට ශ්‍රවණාබාධිත පුද්ගලයින් මුහුණ දෙන ගැටළු වලට පිලියම් ලෙස සංඥා භාෂා පරිවර්තකයන් 50 දෙනෙකු වහාම බඳවා ගෙන ඒ සඳහා පුහුණුවක් ලබා දෙන ලෙස අමාත්‍ය එස්.බී.දිසානායක මහතා සමාජ සේවා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හට නියෝග කර ඇත. 
     
    සමෘද්ධිලාභී පවුල් වල සිටින උසස් පෙළ සමත් දරුවන් 50 දෙනෙක් මේ සඳහා බඳවා ගත යුතු බවත්, ඔවුන් හට ජාතික සමාජ සංවර්ධන ආයතනය යටතේ වසරක පුහුණුවක් ලබා දිය යුතු බවත්, පුහුණුව අවසන් කළ පසු මෙම පිරිසට සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ සංඥා භාෂා පරිවර්තක තනතුර හොඳ වැටුප් තලයක පිහිටුවා ලබා දිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කර තිබේ. 
     
    මෙරට වෙසෙන බිහිරි පුද්ගලයින් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය හා පුද්ගලික ආයතන වෙත පැමිණිමේදී සංඥා භාෂා පරිවර්ථකයන් නොමැති වීමෙන් දැඩි අපහසුතාවයට පත් වන බව මෙම රැස්වීමේදී සමාජ සේවා නිලධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇති අතර පොලීසි හා අධිකරණ කටයුතු වලදී මෙන්ම රාජ්‍ය හා පුද්ගලික ආයතන වලදී බිහිරි පුද්ගලයින් බරපතල අසාධාරණයකට ලක් වන බව ද මෙහිදී සඳහන් වී ඇත.
     
    එමෙන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයින් හට සංඥා භාෂාව පුහුණු කිරීම සඳහා පවතින සීමිත පාසල් සංඛ්‍යාවේද නිසි පුහුණුව ලත් සංඥා භාෂා පරිවර්ථකයන් නොමැති බව බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයේ පැවති මෙම රැස්වීමේදී අනාවරණය වී ඇත.
     
    බඳවා ගන්නා මෙම පිරිසට පුහුණුව අතරතුර ගමන් වියදම් දීමනාවක් ලබා දීමට යෝජනා වී ඇති අතර වසරක පුහුණුව අවසානයේ මෙම පිරිස  සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ පළාත් මට්ටමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අනුයුක්ත කිරීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya