අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පක්ෂ ආණ්ඩු හැදීමට නොව රට හැදීමට එක්වී සිටිනවා- ඇමැති රාජිත

    මැයි 02, 2016

    මෛත‍්‍රී රනිල් සමඟ යන්නේ රට හදන්න, එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු හදන්න නොව රට හැඳීමට බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


    සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් කළ කරන ලද්දේ මැයි දිනය වෙනුවෙන්  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය සංවිධානය කළ කොළඹ හයිඩ් පිටියේ පැවැති මැයි රැළියට එක්වෙමිනි.

    මිය යාමට පෙර මෙතෙක් කල් හදන්න බැරි වුන රට හදන බවත් දරුවන් දේශපාලනඥයින් පිටුපස යන එක නතර කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    “අපි හැමදාම ආණ්ඩු හැදුවා, ආණ්ඩු කැඩුවා, ආණ්ඩු හැදීමෙන් හෙම්බත් වෙලා හිටිය අපි ජනවාරි 08 තීන්දු කළා මෙම ක‍්‍රමය වෙනස් කිරීමට. දින 100 පොරොන්දු මාලාවක්, යෝජනා රැසක් ලබාදුන්නා. ගොවි ජනතාව, කම්කරු ජනතාව, වැඩකරන ජනතාව, පූජ්‍ය පක්ෂය, ආදී ක්ෂේත‍්‍රවල ප‍්‍රශ්න මොනාද කියලා හොයලා බැලුවා. උතුරට, දකුණට ඇති ප‍්‍රශ්න මොනාද කියලා හොයලා බැලුවා. ජනතාවගේ කැපවීමක් තිබුණු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවය නැවත ස්ථාපිත කිරීම සඳහා වූ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාගේ අත්සනින් යුතුව පසුගිය 29 දා  නිකුත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya