මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආඝාත රෝගයට ගොදුරු වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ ආඝාත ඒකකයක්

    නොවැම්බර් 01, 2015

    ආඝාත රෝගයට ගොදුරු වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ ආඝාත ඒකකයක් මුල්ලේරියවේ පිහිටුවන බවත් එහි ඉදිකිරීම් කටයුතු වසර 2017 දී අවසන් කෙරෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පවසයි.

    මේ වනවිට ආඝාත රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනේ රෝහල් හතක ඒකක හතක් පමණක් තිබෙන බවත් තවත් ඒකක තුනක් මාතර, මඩකලපුව සහ පොළොන්නරුව ප්‍රදේශවල ආරම්භ කරන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා කීය.

     

    බෝ නොවන රෝග සඳහා පොදුවේ ප්‍රමුඛතාව දී කටයුතු කරනවා.අද ලෝකයේ මිලියන 15ක් ආඝාතයට ගොදුරු වෙනවා.ඉන් මිලියන 6ක් මිය යනවා.මිලියන 5 ක් ආබාධ සහිතව සුව වෙනවා.

     

    මෙම ආඝාත තත්වය වළක්වා ගැනීම වැදගත්.අධිරුධිර පීඩනය වසංගතයක් වෙලා.අධිරුධිර පීඩනය ආඝාතය ඇතිවීමට බලපානවා.සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අවශ්‍යයි.ලුණු සහ සීනි පරිබෝජනය වැඩියි යැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     

    වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව පැවසුවේ පසුගිය දා ආඝාත රෝගය පිළිබඳ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැති
    සම්මන්ත්‍රණයක් අමතමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya