මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය කළමනාකරණපති - ඊ රාජ්‍ය පාලනය පශ්චාත් උපාධිය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

    ඔක්තෝබර් 29, 2015

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මඟින් ක්‍රියාත්මක කරන රාජ්‍ය කළමනාකරණපති - ඊ රාජ්‍ය පාලනය පශ්චාත් උපාධිය පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය එම්. තිලකසිරි මහතා පැවසීය.

    මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා ඊයේ මේ බව සඳහන් කළ අතර එම පාඨමාලාව සඳහා අයදුපත් භාර ගන්නා අවසන් දිනය නොවැම්බර් 31 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    මෙය වසර දෙකක පාඨමාලාවක් වන අතර සතියේ දිනවල බ්‍රහස්පතින්දා හා සති අන්තයේ සෙනසුදා දිනවල දී මෙම පාඨමාලාව පැවැත්වෙන අතර පූර්ණ කාලීන වශයෙන් පාඨමාලා සඳහා නොපැමිණ වුවද එය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබී තිබීම මෙහි තිබෙන විශේෂත්වයකි.

    අයදුම් කිරීමේ සුදුසුකම් ශ්‍රී ලංකා පරිපාලන හෝ සමාන්ත දීප ව්‍යාප්ත සේවයක සේවා ස්ථීර කරන ලද නිලධාරියෙකු වීම හෝ දෙපාර්තමේන්තුවක, ස්ංස්ථාවක, අධිකාරිය හෝ
    නීතිගත මණ්ලයක SPS හි AAB විසින් පිළිගනු ලබන කළමනාකරණ තනතුරක් උසුලනු ලබන සේවා ස්ථීර කරන ලද නිලධාරියෙකු වීම හෝ
    ොත්‍රිවිධ හමුදා සේවාවන්හි සහ පොලිස් සේවා හෝ වරලත්/ගැසට් කරන ලද තනතුරක් උසුලනු ලබන නිලධාරියෙකු වීම හෝ
    තොරතුරු, සන්නිවේදන හා තාක්ෂණයට (ICT) අදාළ පිළිගත් විශ්වවිද්‍යාලයකින් පළමු හෝ දෙවන පන්තියේ උපාධියක් සමඟ අවම වශයෙන් එක් අවුරුද්දක කළමනාකරණ තනතුරක පළපුරුද්ද හෝ
    පිළිගත් විශ්විද්‍යාලයකින් පළමු හෝ දෙවන පන්තියේ උපාධියක් සමඟ අවම වශයෙන් රාජ්‍ය අංශයේ ඊ- රාජ්‍ය පාලනය/ICT අදාළ කේෂ්ත්‍රෙය් අවම වශයෙන් එක් අවුරුද්දක පළපුරුද්ද හෝ පිළිගත් විශ්වවිද්‍යාලයකින් තොරතුරු, සන්නිවේදන හා තාක්ෂණයට (ICT) අදාළ උපාධිය සමත් කළමනාකරණ තනතුරක අවම වශයෙන් අවුරුද්දු දෙකක පලපුරුද්ද හෝ

    රාජ්‍ය අංශයේ ඊ -රාජඨ පාලනය/ ICT අදාළ ක්ෂේත්‍රෙය් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධිය සමත් රාජ්‍ය අංශයේ ඊ- රාජ්‍ය පාලනය/ICT ක්ෂේත්‍රයට අදාළ කළමනාකරණ තනතුරක පළපුරුද්ද හෝ

    SPS හි AAB විසින් පිළිගනු ලබන පිළිගත් ආයතනයකින් ලබාගත් උපාධියකට සමාන ඩිප්ලෝමා සහතිකය සමඟ අවම වශයෙන් අවුරුදු සහක ඊ- රාජ්‍ය පාලනය/ICT අදාළ ක්ෂේත්‍රෙය් පරිපාලන හෝ කළමනාකරණ හෝ තනතුරුක පලපුරුද්ද තිබිය යුතුය.

    එසේම ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ මනා හැකියාව තිබිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya