මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාලන්දාවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

    ඔක්තෝබර් 29, 2015

    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා කොළඹ නාලාන්දා විද්‍යාලය විසින් පිරිනමනු ලබන ඉහලම සම්මානය වන "නාලන්දා කීර්ති ශ‍්‍රී සම්මානයෙන්" ඊයේ (28)  පිදුම් ලැබුවේය. මෙම සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    මෙම සම්මානය නාලන්දා විද්‍යාලයේ වසරකට වරක් දීප්තිමත්ම ආදි ශිෂ්‍යයාට පිරිනමනු ලබන අතර සම්මාන උළෙල නාලන්දා විද්‍යාලයේ ආදි බාලදක්ෂ සම්මේලනය හා එක්ව විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුමණ්ඩලය හා සිසු දරුවන් විසින් සංවිධානය කරන ලදී.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා අතින් ගුවන් හමුදාධිපතිතුමන් මෙම සම්මානය ලබා ගන්නා ලද අතර  නාලන්දාවේ  ආදි සිසුන් සහ වර්ථමාන සිසුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

     

    AF/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya