මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඳුනා නොගත් ආකාශ වස්තුවක් ලංකාවේ දකුණු මුහුදට කඩා වැටීමේ අවධානමක්

    ඔක්තෝබර් 28, 2015

    අභ්‍යාවකාශ සුන්බුන් කැබැල්ලක් බවට සැක කරන ආකාශ වස්තුවක් නොවැම්බර් 13 වන දා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටීමේ අවධානමක් ඇතැයි තාරකා විද්‍යාඥයින් පවසති.

    තාරකා විද්‍යාඥයින් එය W.T.F. 1190 F ලෙස නම්කර ඇති අඩි 7ක් පමණ දිග බවට ගණනය කර ඇති මෙම ආකාශ වස්තුව නොවැම්බර් මස 13 වන දා මෙරට වේලාවෙන් පෙරවරු 11 .50 ට පමණ දකුණු වෙරළ තීරයේ සිට 65 km ක් පමණ දුරින් මුහුදට පතිතවනු ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති.

     

    මෙය ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහන යටතේ මීට වසර 40කට පමණ පෙර චන්ද්‍ර ගවේශනයට යැවූ යානයක කොටසක් විය හැකි බවට ද විද්‍යාඥයින් සැක පළ කරති. මෙම කඩා වැටීමෙන් කිසි අනතුරක් සිදු නොවෙතැයි ද විද්‍යාඥයින් තවදුරටත් පවසති.

     

    මේ අතර වඩා අනතුරුදායක ආකාශ වස්තූන් පෘථිවියට කඩා වැටෙන අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා නිර්මාණය කර ඇති ආරක්‍ෂක පද්ධති අත්හදා බැලීම සඳහා ද විද්‍යාඥයින් මෙම අවස්ථාව යොදා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් වාර්තාවල දැක්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya