මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන ජනවාරි මස සිට විද්‍යුත් ජාතික හැඳුන්ම්පතක්

    ඔක්තෝබර් 27, 2015

    ලෝකයේ දියුණු රටවල්හි භාවිතයට ගැනෙන නූතන තාක්ෂණය උපයෝගීකොට ගනිමින් ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්හට විද්‍යුත් ජාතික හැඳුන්ම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.


    එය ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත, විද්‍යුත් ජාතික හැඳුනුම්පතට පරිවර්තනය කෙරෙනු ඇත.

    දරුවකු මෙලොවට බිහි වූ දා සිට අදාළ සෑම තොරතුරක් ම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇතුළත් කෙරේ.

    දරුවකුට වයස අවුරුදු දහසය වන තෙක් හදුනාගැනීමේ අංකයක් මුලින් ම නිකුත් කරන අතර, වයස අවුරුදු දහසය සම්පූර්ණ වීමෙන් අනතුරුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කෙරෙනු ඇත.

    මෙම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත සැකසීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයත් (ICTA), පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව සිදු කරනු ලැබේ.

    රටේ අනෙකුත් සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව සියලු කාර්යයන්හි කාර්යක්ෂමතාව හා පහසුව පිණිස මෙම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

    එමගින් ඕනෑම පුරවැසියකු සඳහා තනි දත්ත ගබඩාවත් තබා ගැනීම හා විද්‍යුත් පහසුකම් සලසන ඕනෑම අංශයක් මගින් පුරවැසියාගේ පූර්ණ තොරතුරු සහිතව අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya