මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සංඛ්‍යාන දිනය සැමරේ

    ඔක්තෝබර් 20, 2015

    අදට (ඔක්. 20) යෙදී තිබෙන 2015 ලෝක සංඛ්‍යාන දිනය නිමිත්තෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද සංඛ්‍යාන දින ජාතික සම්මන්ත්‍රණය අද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. “නිවැරදි දත්තවලින් වඩා සරු දිවියක්“ යන තේමාව යටතේ මෙවර ලෝක සංඛ්‍යාන දිනය සැමරේ.

    ප්‍රධාන ආරාධිතයා ලෙස මීට එක්වුණු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින් සංඛ්‍යානයේ අගය පෙන්වා දෙමින් සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය සිදු කරන ලදී.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අංශයේ අධ්‍යක්ෂ Stefan Schweinfest සහ එක්සත් ජාතීන් ගේ ජනගහන අරමුදලේ නියෝජිතයෙකු වන Alain Sibenerel මහත්වරුන් විසින් ලෝක සංඛ්‍යාන දිනය නිමිත්තෙන් නිකුත් කරන ලද ප්‍රකාශයන් ද මෙම අවස්ථාවේ දී එළි දැක්විණි.

     

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ ලේකම එම්.අයි.එම්. රෆීක්, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් සිවඥානසෝති, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ, එක්සත් ජාතීන්ගේ නියෝජිත ලංකානි සිකුරාජපති, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.ජේ.සතරසිංහ මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සහ පාසල් සිසුන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya