මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජවාදී රටවලටත් වඩා වැඩි මුදලක් සෞඛ්‍යට හා අධ්‍යාපනයට

    ඔක්තෝබර් 20, 2015
    ශ්‍රී ලංකාව දුප්පත්කම මෙන් ම මන්දපෝෂණය පිටුදැකීමට වෙහෙසෙන බවත් සමාජවාදී රටවලටත් වඩා වැඩි මුදලක් ලංකාවේ සෞඛ්‍ය මෙන් ම අධ්‍යාපනයට වෙන් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ "අයහපත් දිවි පැවතුම් පිටු දැක වත්මන් පරපුර රැක ගනිමු" මැයෙන් පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වෙමිනි.
     
    එළැඹෙන අයවැය හරහා මෙම ක්ෂේත්‍ර සඳහා තවත් වැඩි මුදලක් වෙන් කිරීමට වත්මන් රජය ක්‍රියාකරන බව පෙන්වාදුන් ජනමාධ්‍ය අමාත්‍යවරයා සහනාධාර සඳහා ද වඩා වැඩි මුදලක් වෙන් කරන බවද ප්‍රකාශ කළේය.
     
    "ලෝකයේ දියුණු රටවල හා සමාන ලෙසම ශ්‍රී ලංකාවේ ද බෝනොවන රෝග තත්ත්වය පාලනය වී ඇත. එහෙත් බෝ වන රෝග තත්ත්වය එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. මෙහි ඇති භයානකම තත්ත්වය තමයි මේ තත්ත්වය පාසල් දරුවන් අතර ද දක්නට ලැබීම. ළමා මන්දපෝෂණය 22%ක් දක්වා අඩුවීමේ දී මේ වන විට කොළඹ පාසල් දරුවන් අතරින් 15%ක් අධිබර තත්ත්වයෙන් පසුවන බවට අනාවරණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය අනාගතයට ලොකු තර්ජනයක්".
     
    මේ සියලු දේ සම්බන්ධයෙන් මාධ්‍යයට විශාල වගකීමක් ඉටුකළ හැකි බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා රෝගයක් වැළඳීමෙන් අනතුරුව ඒ සඳහා කරුණු ලබන ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් වන වෛද්‍ය වැඩසටහන් හා සමානව ම එම රෝග ඇතිවීම වළක්වාගැනීම සම්බන්ධයෙන් ද ඉදිරියේ දී වැඩසටහන් ඇති කළ යුතු බවත් පෙන්වා දුන් අතරම ඒ සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන වඩා වැඩි දායකත්වයක් ලබාදීමට මේ වන විටත් ඉදිරිපත් ව ඇති බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya