මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ධීවර වරායන් වලට ගිනි නිවීමේ ඒකක

    ඔක්තෝබර් 13, 2015
     
    දිවයිනේ සියලු ධීවර වරායන් තුළ ගිනි නිවීමේ උපකරණ වලින් සමන්විත විශේෂ පද්ධති  ස්ථාපිත කිරීමට ධීවර අමාත්‍යංශය පියවර ගෙන ඇත. 

     මේ යටතේ සියලු ධීවර වරායන් ආශ්‍රිතව ගිනි නිවීමේ පද්ධති ස්ථාපිත කිරීම පිළිබඳ කඩිනම් අධ්‍යනයක් සිදුකර කරුණු වාර්තා කරන ලෙසත් ගිනි නිවීමේ උපකරණ ක්‍රියාකරවීම පිළිබඳ ධීවර වරාය සේවකයන්ට පුහුණුවක් ලබා දීමට පියවර ගන්නා ලෙසත් ධිවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා  විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත. 

     
    අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවේ හදිසි අවස්ථාවකදී  ජිවිත ආරක්ෂාව හා සිදුවිය හැකි හානි අවම කරගැනීම පිණිස ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද ධීවර කාර්මිකයන්ට පුහුණුවක් ලබා දෙන ලෙසය. 
     
    කුඩාවැල්ල ධීවර වරායේ  පසුගියදා ඇති වූ ගින්න හා ඉන් සිදුව ඇති හානි පිළිබඳව අවධානය යොමු කරමින් දිලිප් වෙදආරච්චි මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.ගෑස් කාන්දුවක් හේතුවෙන් කුඩාවැල්ල ධීවර වරායේ ඇති වූ ගින්නට  ලක්ව බෝට්ටු හයක් විනාශ විය. මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා තංගල්ලේ සිට ගිනි නිවීමේ ඒකක පැමිණ තිබුණි. 
     
    ධීවර වරාය ආශ්‍රිතව ගිනි නිවීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබුණේ නම් ගින්න ඇති වූ මොහොතේම එය මැඩ පැවැත්වීමට හැකියාව තිබුණි.
     
    ගින්න පිළිබඳ තොරතුරු දැන ගත් මොහොතේම කුඩාවැල්ල ධීවර වරාය වෙත පැමිණි  ධීවර රාජ්‍ය අමාත්‍යවරයා  විනාශයට පත් බෝට්ටු වෙනුවෙන් සහන සැලසීම පිළිබඳ  විශේෂ අවධානය යොමු කරමින් ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳවත් ගින්නෙන් හානියට පත් බෝට්ටු සඳහා රක්ෂණ ආවරණ කඩිනමින් ලබා දීම සඳහා ද අදාළ රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා කිරීමටත් පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා  නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya