මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැසි හේතුවෙන් මාතර අවතැන් වූවන්ට පහසුකම්

    ඔක්තෝබර් 03, 2015

    සුරක්ෂිත මධ්‍යස්ථාන 07 ක පවුල් 643 ක පුද්ගලයින් 2211 ක් සදහා පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති අතර විපතට පත් වූවන් සදහා පිසූ ආහාර ලබා දීමට ද කටයුතු කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය පැවසුවාය.

    මාතර දිස්ත්රිනක්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහක (12) පුද්ගලයින් 6247 ක් මේ වන විට අවතැන් වී තිබේ. පවුල් 1958 ක පුද්ගලයින් මේ අතර වේ.


    මාතර, හක්මණ, පිටබැද්දර, පස්ගොඩ, දික්වැල්ල, මුලටියන, මාලිම්බඩ, දෙවිනුවර, අකුරැස්ස, තිහගොඩ, වැලිගම හා වැලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ගංවතුර තත්ත්වයන් බලපා ඇත.

     

    මෙම ආපදා හේතුවෙන් මාතර කැකණදුර ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර පුද්ගලයින් හයදෙනෙකු සුළු තුවාල ලබා තිබේ.

     

    පූර්ණ නිවාස හානි 88 ක්, අර්ධ නිවාස හානි 141 ක් හා වෙනත් දේපළ හානි 04 ක් මේ වන විට වාර්තා වේ.


    අධික වර්ෂාව හා තද සුළං හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ම මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට ද බාධා පැමිණ තිබේ.

     

    අධික වැස්ස හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ බොහෝ පාසල්වල දරුවන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පවතී. ඇතැම් පාසල්වල පස් කදු කඩා වැටීම් හා නායයෑම් අවධානම් තත්ත්වයක් ද වාර්තා වේ.දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට ද වර්ෂාවෙන් බාධා සිදු වී ඇත.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya