මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන රක්ෂිතවල මායිම් ස්ථිර වශයෙන් ලකුණු කිරීමට ජාතික වැඩ පිළිවෙලක්

    සැප්තැම්බර් 29, 2015
     
    ඉදිරියේදී වන රක්ෂිතවල මායිම් ස්ථිර වශයෙන් ලකුණු කිරීමේ ජාතික වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව තිරසාර සංවර්ධන හා වන ජීවී  අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වන අලි මිනිස් ගැටුම අවම කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැවති සාකච්ජාවේදීය.
     
    අලි මිනිස් ගැටුමින් හානියට පත්වන ජනතාවට ගෙවන වන්දි මුදල් ප්‍රමාණය වැඩි කිරිමට කටයුතු කරන අතර මින් ඉදිරියට වන සතුන්ගේ හා වනාන්තර ආරක්ෂාව සදහා කැබිනට් අනුමැතිය සහිතව විශේෂ චක්‍රලේඛයක් මගින් ස්ථිර වශයෙන් රක්ෂිත වනාන්තර සීමා නිර්ණය කර සීමා ලකුණු කිරීම කඩිනම් කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.
     
    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේවන විට ඉදිකරමින් පවතින සියළුම විදුලි වැට ඉදිකිරීම් 2016 පෙබරවාරි මස අවසන් වන විට නිම කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    තවද විදුලි වැට අලි මිනිස් ගැටුමට එකම විසදුම ලෙස තමන් නොසිතන බවත් ජීව වැටවල් ස්ථාපිත කිරිම, වනාන්තර තුළ සත්වයන් සදහා ජලාශ හා ආහාර සුලබ කිරීම, වනාන්තරවල ආක්‍රමණික ශාක වන කටු උණ වැනි ශාක වනාන්තර වලින් ඉවත් කිරීම හා වනාන්තර ආශ්‍රිත ගම්මානවල මී මැසි පාලනය වැනි වන අලීන් ප්‍රිය නොකරන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බවද මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න, දිස්ත්‍රික් ලේකම් එස් සේනානායක යන මහත්වරුන් ද සහභාගී වුහ.
     
    AP/DMU-Plonnaruwa
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya