මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන් අතර බහුලවම තිබෙන්නේ පියයුරු පිළිකාවයි- පිළිකා මර්දනයට රජයේ විශේෂ අවධානය - වෛද්‍ය පාලිත මහීපාල

    සැප්තැම්බර් 29, 2015

    ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලවම තිබෙන්නේ පියයුරු පිළිකාව බවත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි.


    පිළිකාව කල් ඇතිව හඳුනාගැනීමෙන්, ප්‍රතිකාර කර සුව කළ හැකි යැයි ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටියේ, අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.


    සෞඛ්‍ය අමාත්‍යාංශය, පිළිකා මර්දන ව්‍යාපාරය එක්ව ''සුවනාරී සායන'' දිවයින පුරා සෞඛ්‍ය සේවා කාර්යාලවල ක්‍රියාත්මක කර තිබෙන බවත් එම සායන සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන බවත් පැවසූ වෛද්‍ය පාලිත මහීපාල මහතා, එලෙස දිවයින පුරා සායන 324ක් ක්‍රියාත්මක බව පැවසී ය.

    ''සුව නාරී සායන ''වෙත ගොස් පියයුරු පරික්ෂා කර ගැනීම කර ගන්නා ලෙස ඉල්ලීමක් කළ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ස්වයං පියයුරු පරික්ෂාව සිදු කර ගැනීම ඉතාමත් වැදගත් බව කීය.

    පියයුරු පරික්ෂා කිරීම සඳහා ස්ථාන හතක මැමෝ ග්‍රැෆි යන්ත්‍ර ස්ථාපිත කර තිබෙන බවත්, වසර 2016 අයවැය මගින් පිළිකා මර්දනයට විශාල මුදලක් වෙන් කෙරෙන බවත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් පැවසී ය.

    එමෙන් ම පිළිකා රෝගීන් සඳහා හොඳ සේවාවක් ලබාදීමත් නව පිළිකා රෝහල් ඉදිකිරීමත් කෙරෙහි අවධානය යොමු වී ඇතැයි කී වෛද්‍ය පාලිත මහීපාල මහතා රජ, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවෂානයක් යොමු කර ඇතැයි ද පිළිකා මර්දන ව්‍යාපාරය විශේෂ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවද පැවසී ය.

    ලෝකයේ මේ වනවිට වාර්ෂිකව පිළිකා රෝගීන් මිලියන 1.8ක් වාර්තා වෙයි. ඉන් මරණ 5,800ක් පමණ වාර්තා වෙයි.ශ්‍රී ලංකාවේ නව රෝගීන් 2500ක් පමණ වසරකට වාර්තා වන බවත් 800ක් පමණ මරණයට පත්වන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya