මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර්- පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වීමේ මාසයයි

    සැප්තැම්බර් 29, 2015

    පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වීමේ මාසය වසරේ ඔක්තෝබර් මාසයට යෙදී තිබේ.

    පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාහ්‍ය මොහොමඩ් ෆයිසාල් කාෂීම් මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල යන මත්වරුන්ගේ
    ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පැවැත්විණි.

    සෑම වසරකම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයක් ක්‍රියාත්මක කෙරේ.

    මෙහිදී අඳහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ෆයිසාල් කාෂීම් මහතා;මෙය ඉතාමත් වටිනා අවස්ථාවක්.  පිළිකා පිළිබඳව තොරතුරු තවමත් ගමට ගිහින් නෑ කියලා, මගේ අඳහස. පියයුරු පිළිකා වළක්වා ගන්නේ කෙසේ ද කියා කාන්තාවන් දැනුවත් කරනවා වගේම පුරුෂ පක්ෂයත් දැනුවත් කිරීම වැදගත්. පාසල් මට්ටමින් ගැහැණු දරුවන්ට මේ පිළිබඳව කියා දිය යුතුයි. දුප්පත් ජනතාවට මේ පිළිබඳව තොරතුරු ඉක්මනින් යා යුතුයි යැයි පැවසී ය.


    මෙහිදී අඳහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා;ලෝකය පුරා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු වී
    තිබෙනවා. ඒ නිසාම සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පියයුරු පිළිකා වැළැක්වීම දැනුවත් කිරීමේ මාසයක් නම් කර තිබෙනවා.

    ලෝකයේ කාන්තාවන් අතර බහුල වශයෙන් ම තිබෙන්නේ පියයුරු පිළිකාවයි.මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත්.

    මේ පියයුරු පිළිකා කලැතිව හඳුනාගැනීමේ ප්‍රතිකාර සිදු කළ හැකියි. පිළිකා ප්‍රතිකාර සඳහා ඖෂධ වෙනුවෙන් රජය බිලියන දෙකකට
    වඩා වාර්ෂිකව වැය කරනවා යැයි පැවසී ය.


    මේ අවස්ථාවට,ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒෂාණී ප්‍රනාන්දු ,නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( සෞඛ්‍ය සේවා ) වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, විශේෂඥ වෛද්‍යවරුන් වන ජී. වීරසූරිය, ජයන්ත බලවර්ධන, කණිෂ්ක ද සිල්වා, සුරාජ් පෙරේරා යන මහත්වරු ද එක්ව සිටියහ.


    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya