මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවරයෙකුගේ මළසිරුරක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය

    සැප්තැම්බර් 29, 2015

    දිවයිනට ගිනිකොණ දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතවන අතරතුර පැපොල රෝගය උත්සන්න වීම හේතුවෙන් ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් තුලදී මියගිය ධීවරයෙකුගේ මළ සිරුර ගොඩබිමට ගෙන ඒම සඳහා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු නිරීක්ෂක නෞකාවක් වන සාගර නෞකාව ඊයේ (28) සහය ලබා දෙන ලදී.

    ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් කරන ලද දැනුම්දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව මුහුදු සංචාරයේ යෙදී සිටි සාගර නෞකාව ඒ සදහා පිටත් කර හැරීමට කටයුතු කරන ලදී.

     

    රෝගී ස්වභාවය උත්සන්න වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස එම ධීවරයා බහුදින යාත්‍රාව තුලදී මියගොස් තිබිණි. කෙසේ වුවද මුහුදේ පැවැති රළු ස්වභාවය යටතේ තංගල්ල ධීවර වරාය දක්වා පැමිණීමේදී එම යාත්‍රාවට ආරක්ෂාව සැපයීමට සාගර නෞකාව කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya