මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ පරපුරට CIMA ආයතනයේ පූර්ණ සහය

    සැප්තැම්බර් 29, 2015
    මෙරට තරුණ පරපුරේ හැකියාවන් සංවර්ධන කටයුතු වෙනුවෙන් දායක කර ගැනීම ඉහළ නැංවීම සඳහා සිය පූර්ණ සහය ලබාදීමට සූදානම් බව මහා  බ්‍රිතාන්‍ය මුලස්ථානය කරගත්  වරලත්  ගණකාධිකාරි කළමනාකරණ ආයතනය (CIMA) පවසයි.
    එහි සභාපතිනී  මේරියන්  මැඩ්න් (Myrian Maddem) මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි. 
    නව ආණ්ඩුව බලයට පත්වීම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් ද ඇය සුබ පැතුම් එක් කළා ය. ඇය මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ අද (28) මුදල් අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී ය.  
    මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කරගත් වරලත් ගණකාධිකාරී කළමනාකරණ ආයතනයේ සුදුසුකම් ලත් ලොව එක ම මුදල් අමාත්‍යවරයා ද රවී කරුණානායක මහතා බව පෙන්වා දුන් මේරියන්  මැඩ්න් මහත්මිය එය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට විශාල ශක්තියක් බව කීවා ය. 
    මෙම අවස්ථාවට එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ චාල්ස් ටයිලි (Charles tilley), අධ්‍යක්ෂ රැඩ්ලි ස්ටෙෆාන් (Radiley Stephen) සහ එම ආයතනයේ ශ්‍රී ලංකාවේ සභාපති විපුල ගුණතිලක යන මහත්වරු එක්ව සිටියහ.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya