මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නූතන ලෝකයට ගැළපෙන ලෙස පාසල් විෂය නිර්දේශයේ වෙනසක් සිදු කරනවා

    සැප්තැම්බර් 25, 2015
    වෙනස් වන ලෝකයට ගැලපෙන් ආකාරයෙන් පාසල් විෂය නිර්දේශ වෙනස් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත‍්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
    යාපනයේ හින්දු විද්‍යලයේ 125 වැනි සංවත්සර උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (24) සඳහන් කළේය.
    ඉදිරියේදී අධ්‍යාපනයේ පුස්තකාලය බවට අයි පෑඩ් එක, ලැප් ටොප් එක, ඊ ලර්නින් මට්ටම දක්වා ගමන කරන අතර දියුණු රටවල අධ්‍යාපන මට්ටමට මෙරට අධ්‍යාපනය ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 
    පාසල් යන වසසේ සිටින සියලු දරුවන්ටත් සමාන අවස්ථා ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැප වී කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍ය දකුණේ පමණක් නොව උතුරේ අධ්‍යාපන දියුණු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
    යාපනයේ හින්දු විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු  සහ නව  ගොඩනැගිල්ලක් වෙනුවෙන් ලක්ෂ 100ක් ලබා දීම තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
    කො‍ළඹ සියලු පහසුකම් යාපනයටත් ලබා දෙමින් දිවයින පුරා භෞතික සම්පත් සමාන ලෙස බෙදී යන ආකාරයට මුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya