මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකන් කේටරින් 2015 ජාතික සූපශාස්ත්‍ර තරඟාවලියේදී පදක්කම් රාශියකින් පිදුම් ලබයි.

    සැප්තැම්බර් 27, 2015
     
    ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් කේටරින් අංශය ජාතික සූපශාස්ත්‍ර තරඟාවලියේදී (Culinary Expo 2015) සම්මාන රාශියක් දිනා ගැනීමට සමත් වී තිබේ.
    ශ්‍රීලංකන් කේටරින් අංශයේ සූපවේදීන් ඔවුන්ගේ නිර්මාණාත්මක දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් මෙහිදී රන් පදක්කම් 13 ක්, රිදී පදක්කම් 22 සහ ලෝකඩ පක්කම් 18 ක් දිනා ගැනීමට සමත් විය. එසේම සමස්ත පදක්කම් සටහන අනුව ශ්‍රීලංකන් කේටරින් අංශය දෙවැනි වූයේ හෙරිටන්ස් කන්ඩලමට(Heritance Kandalama)පමණි. ශ්‍රීලංකන් කේටරින් අංශය ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ හෝටල් සහ නිවාඩු නිකේතන සිට ඉහළ කුසලතා සපිරි වෘත්තිකයන් හට ප්‍රබල තරගයක් දී මෙම දීප්තිමත් සම්මාන තමන් සතුකර ගැනීම විශේෂත්වයකි. 
     
    ජාතික සූපශාස්ත්‍ර තරඟාවලිය ශ්‍රී  ලංකා සූපවේදී සංගමය (Chefs Guild of Sri Lanka) විසින් සංවිධානය කල අතර  ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්  නියෝජනය කරමින් තරඟකරුවන් මේ සඳහා සම්බන්ධ විය. මෙහිදී ඔවුන්ගේ දක්ෂතා සහ ආහාර පිසීමේ විශේෂඥ දැනුම ප්‍රදර්ශණය කිරීමට හැකි වන පරිදි මෙය සංවිධානය කෙරිණි. 
     
    මෙහිදී ශ්‍රීලංකන් කේටරින් අංශය වෙනුවෙන් යු.ඩී තුසිත අසංක පෙරේරා,  ආර්. එස් රූපසිංහ සහ ඩබ්. බී .සී. එම් කරුණාසේන රන් පදක්කම් දෙක බැගින් දිනාගන්නා ලදී. එසේම එස්.එච්. එස් ඩී සිල්වා , සී දනන්ගල, ඩබ්. ඩී ආර් වික්‍රමආරච්චි, ඩී. වී පරණමාන්න, එස් . එච්. එස් ඩී සිල්වා, ආර්. ඩී සිල්වා සහ ඩබ් කේ අල්පොන්සු එක් රන් පදක්කම බැගින් දිනා ගනිමින් ශ්‍රීලංකන් කේටරිං පදක්කම් සටහන ඉහළ දැමීමට විශිෂ්ඨ දායකත්වයක් ලබාදෙන ලදී. 
     
    ශ්‍රීලංකන් කේටරින් අංශයේ සාර්ථක සූපවේදීන්ගේ කණ්ඩායමේ සහෝදර සගයන් ලෙස ආපනශලා කළමනාකරු ඩමින් පීරිස් මහතා , එමිරේට්ස් ගුවන්තොටුපළ මගී විවේකාගාර කළමනාකරු සුරම්‍ය රූපසිංහ, දෙපාර්තමේන්තු සමායෝජක ජැකී ජෝෂප් සහ රේනුක විජයසුන්දර , සූපවේදී ශාන්තිලාල් පෙරේරා, සූපවේදී ලක්ෂමන් හේවාගම, සූපවේදී ජේ. එම් සී ඩොනල්ඩ්, සූපවේදී උපුල් විජේසේකර, සූපවේදී  ගාමිණී කරුණාතිලක, 
    සූපවේදී නාමල් මදුමාන්ත, සූපවේදී රන්ජිත් විජේසිංහ, සූපවේදී ප්‍රියංකරගේ සහ සූපවේදී ශිරාන් ජයවර්ධන  යන මහත්මවරුන් විශිෂ්ඨ සහයෝගයක් ලබාදෙන ලදී. 
     
    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් ලෙස ශ්‍රීලංකන් කේටරින්  ක්‍රියාත්මක වෙයි. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya