මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මින්නේරිය යුද හමුදා රෝහලට එක්ස් කිරණ ඒකකයක් විවෘත කරයි

    සැප්තැම්බර් 25, 2015

    මින්නේරිය යුද හමුදා මූලික රෝහලේ මූලික අවශ්‍යතාවයක්ව පැවති අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලද ස්ථිතික එක්ස් කිරණ ඒකකය ඊයේ (24) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් විවෘත කෙරිණි.

    නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ මඟපෙන්වීම මත නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.ජී. මිහිඳුකුලසූරිය විසින් මෙම ස්ථිතික එක්ස් කිරණ ඒකකය ස්ථාපිත කිරීමට අවැසි මුලික අඩිතාලම දමන ලදි.

    මින්නේරිය යුද හමුදා මූලික රෝහල් පරිශ්‍රය වෙත පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ මෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එන්.ජේ. වල්ගම, මේජර් ජෙනරාල් එම්.එච්.ජී. මිහිඳුකුලසූරිය ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් පිළිගන්නා ලදි.

    මෙහි දි ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඵලකය නිරාවරණය කර, පීත්ත පටිය කපා නව ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව, එම ඒකකය නිරීක්ෂණය කළේය.

    එමෙන්ම යුද හමුදාපතිතුමා සිය සුබ පැතුම් සහිතව අමුත්තන්ගේ පොතේහි ද සටහන් කරන ලද අතරම, මෙම පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ සියලු දෙනාට සිය කෘතඥතාව පළ කිරීමට ද අමතක නොකළහ.

    2014 නොවැම්බර් මස 03 වන දින මෙම නව ඒකකය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබූ අතර, රුපියල් ලක්ෂ 59 ක ඇස්තමේන්තුගත මුදලක් වැය කර වසරකට අඩු කාලයක් තුළ දී අවසන් කරන ලදි. එහි ඉදිකිරීම් කටයුතු 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ, ඉදිරි නඩත්තු පෙදෙස හා 5 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සෙබලුන් එක්ව නාරාහෙන්පිට යුද හමුදා රෝහලේ එක්ස් කිරිණ දෙපාර්තමේන්තුවට මෙහි ඉදිකිරීම් කටයුතු, යටිතල පහසුකම් සහ අනෙකුත් කටයුතු සඳහා සිය නොමඳ සහයෝගය දක්වන ලදි.

    මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ඩයස්, හමුදා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යූ.කේ. හෙට්ටිආරච්චි, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි.එම්.ආර්. බණ්ඩාර, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඒ.එම්. ඩයස්, යුද හමුදා දන්ත සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඊ.ජී ජයකොඩි, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් යුද හමුදා භට කාර්ය සම්පාදක බ්‍රිගේඩියර් ඩබ්.ජි.එල්. පද්මකුමාර, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඩි.එම්.එස්. දිසානායක, විකිරණවේදි විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ඩි.ටි.එන්. මුණසිංහ, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ.පී. සුමනපාල සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

     

    kpm/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya