එම දේශනයේදී, වර්තමානයේ රාජ්‍ය නොවන ක්‍රියාකරුවන්ගේ භූමිකාවන් පිළිබඳව හා අන්‍යෝන්‍ය සහයෝගීතාවයන් මත රඳා පවතින සමස්ත ගෝලීය සමාජයට ඔවුන් ඇති කරන ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් පිළිබඳව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සවිස්තරව කරුණු විග්‍රහ කෙරිණි. තවද අද්මිරාල්වරයා, එහිදී මිශ්‍ර සංග්‍රාම වල ස්වභාවය සහ එමගින් ලෝක සාමයට සිදු කෙරෙන තර්ජනයන් සහ බලපෑම් මෙන්ම ඒවා මැඩපැවැත්වීම සඳහා නිර්මාණශීලි හා නම්‍යශීලී සංග්‍රාමික හැකියාවන් සංකලනය කලයුතු ආකාරය පිළිබඳව ද අදහස් දක්වන ලදී.
දේශනය අවසානයේදී, පැමිණ සිටි නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව නාවික නිලධාරීන්ගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා තවදුරටත් මෙවැනි දේශනයන් සංවිධානය කළ යුතු බව සඳහන් කළේය. මෙම හරවත් දේශනය පැවැත්වීම සඳහා තමන් කළ ආරාධනය පිළිගැනීම පිළිබඳව අද්මිරාල් කොළඹගේ මහතාට ස්තූතිවන්ත වන බව ප්‍රකාශ කරන ලද නාවික හමුදාධිපතිතුමා මෙම දේශනය පැවැත්වීමට ඉදිරිපත්වීම අගයමින් අද්මිරාල් කොළඹගේ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.