ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා 08 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස රාජකාරී ආරම්භ කිරීම අද (03) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේදී සිදු කෙරේ. දෙවන වරටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් වූ කරුණාතිලක මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප 149,500ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පැමිණියේය. kpm