අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිජ්වේ ළමා රෝහලේ තොරතුරු කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මකයි

    සැප්තැම්බර් 02, 2015

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය ක‍්‍රියාත්මක කිරීම ඊයේ (01) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

    මෙම සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 46ක මුදලක් යොදවා ඇත.

     

    සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය යනු එදිනෙදා රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සහ නේවාසිකව ප‍්‍රතිකාර ලබාගන්නා සියලු රෝගීන්ගෙන් ලබාගන්නා තොරතුරු වෙන් වෙන් වශයෙන් එක්රැස් කොට නවීන තාක්ෂණය ඔස්සේ එම තොරතුරු ජාල ගත කොට එකම ජාතික පද්ධතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.

     

    අද සිට ලියාපදිංචි වන රෝගීන් පරිගණක ගත කොට ඔවුන් වෙත ලියාපදිංචි අංකයක් සහිත හැදුනුම්පතක් ලබාදෙනු ඇත.

    එහිදී රෝගියෙකු එම රෝහලෙන් හෝ වෙනත් ඕනෑම රෝහලකින් ප‍්‍රතිකාර ගැනීමට ගියද ඔහු මෙතෙක් ලබාගත් සෞඛ්‍ය සේවාවන් පිළිබඳ තොරතුරු ඉතා ඉක්මනින් මෙම ජාලගත සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ ක‍්‍රමවේදය යටතේ වෛද්‍යවරයාට නිරීක්ෂණය කළ හැකිවීම තුළින් රෝගී ප‍්‍රතිකාර සේවාවන් ක‍්‍රමවත් අයුරින් සිදු කළ හැක.

    දැනට මම ක‍්‍රමවේදය මහරගම පිළිකා රෝහල, පානදුර මූලික රෝහල, කාසල්විදියේ කාන්තා රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල යන රෝහල්වල තෝරා ගත් අංශයන් හී පමණක් ක්‍රියාත්ම වේ. දිවයිනේ පළමුවරට මුළු රෝහලම ආවරණය වන පරිදි තොරතුරු කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මකවීම රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආරම්භ කර ඇත.

     

    මෙතෙක් මෙම රෝහලේ බාහිර රෝගී අංශයේ දිනකට 2000 සහ නේවාසික දිනකට 800 ප‍්‍රතිකාර ලබන අතර එම රෝගීන්ගේ තොරතුරු සටහන් කරන ලද්දේ පත්‍රිකාවක් තුළය. එහිදී නැවත රෝගීන්ගේ ප‍්‍රතිකාර වාර්තා ලබාගැනීමේදී කාලය අපතේ යෑම්, තොරතුරු අස්ථානගතවීම් බොහෝ විට සිදුවේ. නමුත් මෙම අපහසුතා මගහරිමින් මෙම නව ක‍්‍රමවේදය ඔස්සේ ක්ෂණිකව ප‍්‍රතිකාර සේවාවන්ට අයත් සියලු තොරතුරු නිරික්ෂණය කළ හැක.

     

    මෙම ක‍්‍රමවේදය ඔස්සේ බාහිර රෝගී අංශයන් හී ඇතිවන තදබදය අවම වන බවත්, පොලීමේ රැඳී සිටිමේ අවශ්‍යතාවයක් උද්ගත නොවන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

     

    අද දින මෙම නව ක‍්‍රමවේදය ආරම්භ කරන රිජ්වේ ආර්යා ළමා රෝහල දිවයිනේ අනෙකුත් රෝහල්වලට ආදර්ශයක් වන බවත්, මෙම සේවාව දීප ව්‍යාප්තව රෝහල් තුළ ක‍්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

     

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කුමාර වික‍්‍රමසිංහ මහතා, හිටපු අධ්‍යක්ෂ ලින්ටන් පද්මසිරි මහතා, මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සාරද හෙට්ටිආරචිචි මහතා, මහාචාර්ය වජිර දිසානායක මහතා ඇතුළු රෝහලේ වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya