අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනයක්

    ජූලි 30, 2015

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.


    දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා) සහ වයඹ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya