මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීති කැඩීමේ ඉහළ ප්‍රවණතාවක් නෑ -කැෆේ සංවිධානය

    ජූලි 23, 2015
    පැවති මැතිවරණ වලට සාපේක්ෂව  මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සහ ප්‍රචණ්ඩත්වයේ ඉහළ ප්‍රවණතාව මෙම මැතිවරණය තුළ දක්නට නැති බව කැෆේ සංවිධානයේ විධායක අධයක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. 
     
    පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව  මැතිවරණ නීති ආරක්ෂා කිරීම සඳහා මැදිහත්වී කටයුතු කිරීම නිසා මෙලෙස සාධනීය තත්වයක් වර්ධනය වී ඇති බව ඒ මහතාගේ අදහසයි.
     
    කෙසේ වෙතත් මෙම තත්වය ඉදිරියටත් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ, පොලිසියට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවට මෙන්ම ඒ ඒ දේශපාලන පක්ෂවල නායකයින්ටද මැතිවරණ නීති ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන බවය.
    මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා කැෆේ සංවිධානය වෙත සිදුවීම් 462 ක් වාර්තා වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya