මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන්ට ශිෂ්‍යත්ව ලබාදීමට චීනයේ එකඟත්වය

    ජූලි 20, 2015

    ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින පවතින ද්විපාර්ශවීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා පශ්චාත් උපාධි පාඨමාලා අවස්ථාවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට චීන HUST විශ්වවිද්‍යාලය එකඟත්වය පල කර තිබෙන බව ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්ත දේශප්‍රිය මහතා පැවසීය.

    ඒ සම්බන්ධයෙන් අද (20) ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    චීනයේ විශාලතම විශ්වවිද්‍යාලයක් වන HUST විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපලාන ආයතනයේ පීඨාධිපති මහාචාර්ය Xi Xiaolin මහතා ප්‍රමුඛ දූත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටි අතර එම පිරිස සමඟ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මෙම වර්ෂයේ එක් කණ්ඩායමක් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට සහභාගි වන අතර ලබන වසරේ සිට කණ්ඩායම් දෙකක් සහභාගිකරවීමට චීනයේ මෙම විශ්වවිද්‍යාලය එකඟත්වය පල කර තිබෙන බව ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

     

    මෙහිදී රාජ්‍ය සේවා තොරතුරු තාක්ෂණ භාවිතය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාදීමට ද උපරීම සහයෝගය ලබා දෙන අතර විශේෂයෙන් ඉ - රාජ්‍ය තොරතුරු සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

     

    ගුවන් ටිකට් පත් හැර අනෙකුත් සියලුම පහසුකම් මෙම විශ්වවිද්‍යාලය විසින් ලබා දෙනු ලැබේ.

     

    රාජ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සහභාගි කරවීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා රජයේ සංවර්ධන වැඩපිළිවෙළ සහ රාජ්‍ය සේවකයින්ගේ පුහුණු වැඩසටහන් යනාදීය සම්බන්ධයෙන් චීන ජන රජයේ ප්‍රසාදය හිමි වී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    kpm

    unnamed

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya