මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සැමට සෙවණ" නිවාස වැඩ සටහන යටතේ නිවාස 39,000 ක ඉදි කිරීම් ඇරඹේ

    ජූලි 19, 2015
     
    "සැමට සෙවණ"නිවාස වැඩ සටහන යටතේ ගතවු මාස 5 ඇතුලත පවුල් 39,000 ක් සිය නිවාස ඉදිකරලීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව නිවාස සංවර්ධන අධිකාරියෙහි සභාපති ලක්විජය පලන්සුරිය මහතා පවසයි.
    සැමට සෙවණ වැඩ සටහන යටතේ දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස 300 බැගින් නිවාස 50,000 ඉදිකිරීමට නියමිත අතර වැඩ සටහන බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
     
    සෑම නිවාසයකටම රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව නිවාස ලාභීන්ට  මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර මේ වසර අවසන් වන විට නිවාස 50,000  ඉදිකර අවසන් කිරීම නිවාස සංවර්ධන අධිකාරියෙහි අපේක්ෂාවයි.
     
    නිවාස ලාභීන් තෝරා ගැනීම, නිවාස ඉදි කිරීම සදහා ඉඩම් හදුනා ගැනීම වැනි සියළු ක්‍රියාකාරකම් දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ දිස්ත්‍රික් නිවාස කමිටුව හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මුලිකත්වයෙන් ප්‍රාදේශිය නිවාස කමිටු මගින් සිදු කරනු ලබයි.
     
     මෙම වැඩ සටහන වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික මඟ පෙන්වීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya