මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ දෘෂ්ඨික ඌණතාවලින් පෙළෙන පුද්ගලයන්ට සහාය වීමට ඇමරිකාවේ "HELP - ME SEE සංවිධානය ඉදිරිපත් වෙයි

    ජූලි 19, 2015
     
    අප රටේ දෘෂ්ඨික ඌනතා වලින් පෙළෙන පුද්ගලයින්හට නොමිලේ අක්ෂි සැත්කම්, අක්ෂි කාච හා ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා අවශ්‍ය මුල්‍ය මෙන්ම තාක්ෂණික ආධාර ලබා දීමට  ඇමෙරිකාවේ අක්ෂි සහන සේවා සපයන ආයතනයක් වන "HELP ME SEE - මට දකින්න උදවි වෙන්න" ආයතනය ඉදිරිපත්වී ඇති බව සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
    ශ්‍රී ලංකාවේ දෘෂ්ඨික ඌණතාවලින් පෙළෙන පුද්ගලයින් විශාල පිරිසක් සිටිතැයි සෞඛ්‍ය අංශ ගණන් බලා ඇත. දැනට පුද්ගලයින් 4,50,000 ක් පමණ  විවිධ දෘෂ්ඨික ඌණතා වලින් පෙළෙන අතර වැඩිහිටියන්ගෙන් බහුතරයක් සුද වැසීමේ රෝගයට ගොදුරුවී සිටී.
     
    සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂන්  2020 වැඩ පිළිවෙළ යටතේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් මේ වන විට 20,000 ක් පමණ සිදු කර තිබෙන අතර ප්‍රධාන රෝහල් වල දිනපතා මෙම සැත්කම සිදු කරනු ලබයි.මෙහිදී බද්ධ කරනු ලබන අක්ෂි කාචය සඳහාත්  ඇස් කණ්ණාඩි සඳහාත් විශාල මුදලක් වැය කිරීමට ජනතාවට සිදුවී ඇති හෙයින් විෂන් 2020 වැඩ පිළිවෙළ යටතේ හැකි තරම් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සිදු කෙරේ.
     
    මෙම කරුණු සැලකිල්ලට ගනිමින්  මෙම HELP ME SEE ආයතනය   ශ්‍රී ලංකාවේ දෘෂ්ඨික ඌණතා වලින් පෙලෙන පුද්ගලයින්ට පිහිට වීමට ඉදිරිපත් වී ඇත.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya