මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේක්ෂකයන් සියල්ලටම සමානව සැලකීමට මැතිවරණ දෙපාර්තමේන්තුව බැඳී සිටිනවා

    ජූලි 17, 2015
    මෙවර මැතිවරණයට තරග කිරීමට අපේක්ෂකයන් 6151ක් ඉදිරිපත්ව සිටින බවත්, එම සියල්ලටම සමානව සැලකීමට මැතිවරණ දෙපාර්තමේන්තුව බැඳීසිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
     
    මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (16) මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
     
     මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා:
     
    අපේක්ෂකයන් අතුරෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව ස්වකීය අමාත්‍ය ධූර, රාජ්‍ය අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර දරමින් සිටින නිසා,ඔවුන්ට යම් වරප්‍රසාද හිමි වී තිබෙනවා.
     
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී  අමාත්‍යවරුන්ට පමණයි එම වරප්‍රසාද ලැබෙන්නේ.19 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය ධූර විසුරුවීමෙන් අනතුරුව අහෝසි වෙනවා. එහෙත් අතුරු විධානයක් යටතේ, 7 වන පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය වරප්‍රසාද ඡන්දය අවසන් වන තුරු තිබෙන බව සඳහන් වෙනවා.
     
     විශේෂ තත්ත්වයන් යටතේ හිමිවන වරප්‍රසාද  මෙම ඡන්ද විමසීමට තරග කරන නිසා යම් අපේක්ෂකයකුට අහිමි කිරීමට හැකියාවක් නෑ.
     
    අපේක්ෂකයන් ලෙස තරග කරන හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළා යන, චෝදනාවක් තිබෙනවා. එය කිසිසේත් එක් පක්ෂයකට කරනු ලැබූ දෙයක් නොවේ. හිටපු මන්ත්‍රීවරුන් කෙරේ ද්වේෂයෙන් කරපු දෙයකුත් නොවේ. මෙම තීන්දුව  2015 ජුනි මස 30 වනදා මා සහ පොලිස්පතිවරයා, සාකච්ඡා  කර ඒ තීන්දුවට එළඹුනේ. අපි තීන්දුවකට එළඹුනා, මෙය තනතුරු ව්‍යවස්ථාව අනුව තනතුරු හිමි නොවන අයට ආරක්ෂාව ලබාදීමට  අපට හැකියාවක් ලබෙන්නේ නෑ කියා.
     
    මා මේ බව ජුලි 2 වනදා පැවති සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන්නා. කිසිවෙක් ඊට විරෝධතාවක් දැක්වූවේ නෑ. ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ මා  වැරදිකරුවන් ලෙස සැලකීම සුදුසු නෑ.
     
    යම් කිසි හිටපු මන්ත්‍රීවරයකුට හෝ මන්ත්‍රීවරයකු නොවන ඡන්දයට තරග නොකරන කෙනෙකු හෝ තමන්ට ජීවිත තර්ජන තිබෙනවා නම් මරණ තර්ජන තිබීම නිසා විශේෂ ආරක්ෂාවක් ලබාගෙන තිබුණා නම්,ඔවුන්ට ඒ බව පොලිස්පතිවරයාට ,නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී මා හට ද පිටපතක් එව්වොත්  මටත් කියන්නට පුළුවන් බුද්ධි අංශ  තොරතුරු අනුව  තර්ජනයක් තිබෙන බවට පෙනී යනවා නම් එය ලබා දෙන්න කියලා.
     
     පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන නිලතල දරන අය ,හිටපු කතානායකතුමා,විපක්ෂනායකතුමා සහ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන හිටපු අමාත්‍යවරු, ඔවුන්ගේ ආරක්ෂාව ලබාදීම සුදුසු බව මා යෝජනා කර තිබෙනවා.
     
    ප්‍රධාන දේශපාලන පක්ෂ, සුළු දේශපාලන පක්ෂ කියා බෙදා වෙන් කිරීමක් නෑ. පක්ෂ ලේකම්වරයා හෝ නායකයා ඉල්ලීමක් කළොත් අපි ඒ සම්බන්ධයෙන් අපේ නිර්දේශය ලබා දෙනවා.
     
    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට, හිටපු ජනාධිපතිවරයාට, සහ හිටපු ජනාධිපතිවරියට හිමි ආරක්ෂාව ඔහු හෝ ඇය වෙනත් කරුණකට සම්බන්ධ වුවා කියා, පවතින ආරක්ෂාව අඩු නොවන බව ද මැතිවරණ කොමසාරිස්වරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya