මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපතිතුමා මියගිය රණ විරුවන්ට සිය කෘතවේදීත්වය පුද කරයි

    ජූලි 14, 2015
    නව නාවික හමුදාපතිවරයා ලෙස පසුගියදා රාජකාරී ආරම්භ කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා විසින් ඊයේ (13) වැලිසර නාවික හමුදා සංකීර්ණයේ ඉදිකර ඇති නාවික හමුදා රණ විරු ස්මාරකය අභියසදී ඊට පුෂ්පෝහාර දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාවක් සුරකිමින් අප මාතෘ භූමියේ නිදහස හා ඒකීයභවය උදෙසා සිය ජීවිත පුද කරන ලද රණ විරුවන්ට සිය කෘතවේදීත්වය පුද කරන ලදී.
     
    දශක03ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කර රටේ ජනතාවට නිදහස හා සාමය ගෙනදීම සඳහා තමන් සමඟ එක්ව සටන් කර රට වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද තම සගයන් සිහිකිරීම ඉතා උසස් ගුණාංගයක් ලෙස සැලකිය හැක. එසේම යුද්ධයේදී නොයෙක් ආබාධයනට ලක්වූ නාවික හමුදා රණ විරුවන් හමු වී ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදු විය.
     
    දක්ෂ යුද සෙන්පතියෙකු වූ විජේගුණවර්ධන මහතා යුද්ධය පැවති සමයේ නාවික හමුදාව දියත් කරන ලද මෙහෙයුම් රැසකටම නායකත්වය සපයා අප මාතෘ භූමියට ස්ථිර සාමයක් උදාකරලීම සඳහා අවංක කැපවීමකින් යුතුව ක්‍රියාකල අයෙකි.
     
    මෙම අවස්ථාව සඳහා බස්නාහිර නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතා, නාවික හමුදා මූලස්ථානයේ හා බස්නාහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීහු සහභාගී වූහ.
     
    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya