මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී මැතිවරණ ව්‍යපාරයකට පෙළ ගැසෙමු

    ජූලි 12, 2015
    අපව ජිවත් කරවීමට නිහඬ සේවයක් කරන ස්වාභාවික පරිසර විනාශයන්ටඉඩ නොතබා පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයකට යොමු වන ලෙසමධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී ජනතාව වෙත දේශපාලන තොරතුරු සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය වි ඇත.මේ සඳහා ජන්ද අපේක්ෂකයන් පොලිතීන් වැඩි වැඩියෙන් භාවිතා කිරීම දැඩි පරිසර විනාශයකට හේතු වන්නක් වී ඇත.

     

    එමෙන් ම අපේක්ෂක වත ගොත, මනාප අංකය ස්වාභාවික පරිසරයේ පිහිටි ගල් පර්වතවල, බිත්තිවල මෙන්ම රුපියල් කෝටි ගණන් වැය කර ඉතා ආකර්ශනිය ආකාරයෙන් කාපට් අතුරා නිමකර ඇති මහා මාර්ග වල ද තීන්ත වලින් සළකුණු කිරීමත් දැඩි පරිසර දූෂණයකට හේතු වේ. පොලිතීන් භාවිතා කරමින් සාදනු ලබන ප්‍රදර්ශන පුවරු, බැනර් ආදිය අපද්‍රව්‍යක් ලෙසින් පරිසරයට එකතු වීම සිදුවේ. එමඟින් කාණු පද්ධති අවහිර වී ජලය ඒකරාශි වී ඩෙංගු වැනි වසංගත තත්ත්වයන් ඇති විමටද හේතු වේ.

     

    මේ පිළිබඳව ඡන්ද අපේක්ෂකයන් මෙන්ම ආධාරකරුවන් ද දැඩිව අවධානය යොමු කළ යුතුව ඇත.දේශපාලන ක්‍රියාන්විතයන් මඟින් පරිසරයට සිදුවන හානිය රටට කිසිසේත් හිතකර වන්නක් නොවේ. එම නිසා මෙවර මැතිවරණයටඉදිරිපත් ව සිටින සියළුම අපේක්ෂකයින් තමා නියෝජනය කරනදේශපාලන පක්ෂය කුමක් වුවත් තම ප්‍රචාරක වැඩපිළිවෙළ පරිසරහිතකාමී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතුය.

    නව මාධ්‍ය දියුණුවට පත්ව ඇති වත්මන් සමාජයේ ජනමාධ්‍ය මෙන්ම දුරකථන, අන්තර්ජාලය, විද්‍යුත් තැපෑල ‍මෙන්ම ෆේස් බුක් වැනි ක්‍රමවේදසමඟ හා පරිසර හිතකාමි ආකාරයෙන් වීදි නාට්‍ය, රූකඩ, කවි කොළ වැනි සාම්ප්‍රදායික ප්‍රකාශන මාධ්‍යන් ද ඒ සඳහා භාවිතා කළ හැකිය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද නිතර නිතර පරිසර සුරක්ෂිතතාව කෙරෙහි අවධාරණය කරන අතර මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමන් ද දැනුවත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya