මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල් හා රසායනික ද්‍රව්‍ය විසිරීමේ දී ක්‍රියාත්මක අන්තර් ජාතික සැලැස්මට ශ්‍රි ලංකාවද එක්වේ

    ජූලි 10, 2015
    සමුද්‍රයට තෙල් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමේදි  වෙනත් රටවල සහාය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවද අත්සන්  තබා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙහි මෙහෙයුම් කළමනාකාර ඒ.ජේ. එම් ගුණසේකර මහතා පවසයි.
     
    දකුණු ආසියානු කලාපයේ  රටවල් 4 ක්  වන  බංගලාදේශය, පකිස්ථානය, ඉන්දියාව හා මාල දිවයින මෙම ජාතික සැලැස්මට එක්වී සිටින රටවල් වේ.
     
    මෙම සැලැස්ම තුලින්  තෙල් හෝ රසායනික ද්‍රව්‍ය සමුද්‍රයට එක්වීමේදී සිදුවන හානිය අවම කර ගැනීම සදහා  අනෙක් රටවල සහාය ලබා ගැනීම අපේක්ෂාවයි.
     
    මෙවැනි ආපදාවකදී මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබද පෙරහුරුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටද  අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය සැලසුම් කර ඇති බවද ඒ .ජේ.එම් .ගුණසේකර මහතා පවසයි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya