මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 1,000 දක්වා අඩු වෙයි

    ජූනි 18, 2015

    අයවැය මඟින් යෝජිත විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 5,000 සිට 1000 දක්වා අඩු කිරීමේ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනානායක මහතා පැවසීය.


    මෙම සංශෝධනය 2015.03.16 වැනි දින සිට ක්‍රියාත්මක වූ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    මේ අනුව විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya