මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා සඳහා කිසිඳු දේශපාලන මැදිහත්වීමක් නෑ

    ජූනි 17, 2015
    කොරියානු රැකියා ලබාදෙන බවට විවිධ පුද්ගලයින් වංචනිකව සිදුකරන ජාවාරම්වලට හසුනොවන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටී.
     
     කොරියානු රැකියා සඳහා කිසිඳු දේශපාලන මැදිහත්වීමක් සිදුනොවන අතර,කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ස්වාධීනව හා විනිවිද අයුරින් විභාගය පවත්වා අපේක්‍ෂකයින් තෝරාගැනීම සිදුකරන බවද අමාත්‍යවරිය පවසයි.
     
    මේ අතර, දකුණු කොරියාවේ නීතිවිරෝධීව රැඳී සිටින 4300 කට ආසන්න පිරිස නිසා ගැටළු ඇතිවී තිබෙන බවත්, මොවුන් නිසා ශ‍්‍රී ලාංකිකයින්ට නව රැකියා ලැබීමේ ප‍්‍රමාදයක්ද ඇතිවී තිබේ. මොවුන් කොරියානු රජය ශ‍්‍රමිකයින් සඳහා අනුමත කරන අවුරුදු 4යි මාස 10ක වීසා කාලය ඉක්මවා සැඟව සිටිති. මෙම පිරිස, තානාපති කාර්යාලය හරහා සොයාබලා නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya