අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දන්සැල් 8,023ක් ලියාපදිංචි වෙයි -මහජන සෞඛ්‍ය ගැන අවධානයෙන්

    මැයි 30, 2015
    A dansalaපොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වෙන දන්සැල් 8,023ක් මේ වනවිට ලියාපදිංචි වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
     
     
    අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, කතරගම ආදී පූජා නගර කේන්ද්‍රකරගනිමින් දන්සැල් බොහොමයක් පැවැත්වෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි.
     
     
    දන්සැල් ලියාපදිංචි කිරීම මේ වනවිටත් සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් සිදු කෙරෙන බව ජූනි මස 01, 02,සහ 03 දිනවල දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙන බව සෙනරත් බණ්ඩාර මහතා පැවසී ය.
     
     
    මේ වනවිට ලියාපදිංචි කළ දන්සැල් සංවිධායකවරුන්ට දන්සැල් පැවැත්වීමේ දී මහජන සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි ආහාර පිසීම,සිසිල් බීම වර්ග සකස් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බව පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya