මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිලපුවත් වෙබ් අඩවිය රිදී සම්මානයෙන් සරසයි

    ජූලි 01, 2018
    ( Best web.lk ) LK Domain Registry ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවි තෝරා ගැනීමේ තරඟාවලීන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් වෙබ් අඩවිය (www.news.lk) රිදී සම්මානය හිමිකර ගැනීමට සමත් විය.
     
    Media, Sports & Entertainment අංශය යටතේ මෙම රිදී සම්මානය අඛණ්ඩව දෙවැනිවරටත්  හිමිකරගැනීමට රජයේ නිලපුවත් වෙබ් අඩවියට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයකි. 2017 වසරේ ද රජයේ නිලපුවත් වෙබ් අඩවිය රිදී සම්මානය හිමි කරගැනීමට සමත් වූ අතර වසර ගණනාවක් පුරා අඛණ්ඩව සම්මන හා ඇගයීමට පාත්‍ර වීමට නිල පුවත් වෙබ් අඩවිය සමත් වී තිබේ.
    ශ්‍රී ලංකා රජයේ නිල පුවත්, අන්තර්ජාලය ඔස්සේ  මහජනතාවට ලබාදීමට රජයේ නිලපුවත් වෙබ් අඩවිය කටයුතු කරන අතර  ජනතා විශ්වාසය දිනාගනිමින්, සමබර හා විශ්වසනීය පුවත් සම්පාදනයක් සිදු කිරීමට අඛණඩව කටයුතු කරමින් සිටියි.
    රජයේ නිලපුවත් වෙබ් අඩවිය මෙලෙස රිදී සම්මානයෙන් ඇගයීමට ලක් වීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරය ඇතුළු වෙබ් අඩවියේ සමස්ත කාර්ය මණ්ඩලය විසින් සමස්ත ලක්වැසි ජනතාවට මෙන් ම ශ්‍රී ලංකාවෙන් පිටත සිට නිල වෙබ් අඩවිය පරිශීලනය කරන ජනතාව වෙත ස්තූතිය පුද කර සිටියි.
    ඔබ සැමට ස්තූතියි...!
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya