මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සඳහිරු සැයෙහි නිදන් කරනු ලබන නිදන් වස්තූන් අනුරාධපුරය කරා

    නොවැම්බර් 05, 2014
    අප මාතෘභූමිය රුදුරු ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීම සඳහා සිය ජීවිත පූජාවෙන් සටන් කරන ලද රණ විරුවන් වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අනුරාධපුරයේ ඉදිකරනු ලබන සඳහිරු සෑය චෛත්‍යයේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා වන නිදන් වස්තූන් 12 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ සිට දර්ශනීය රිය පෙරහැරකින් අනුරාධපුරය වෙත රැගෙන යාම ආරම්භ කරනු ලබන බව අද (05) මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කරනු ලැබී ය.‍
     
    මෙහි ප්‍රථම අදියර යටතේ මෙම නිදන් වස්තූන් නොවැ. 12 වැනි දින කොළඹ සිට මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වෙත වැඩම කරවන අතර 12 වැනි දින රාත්‍රියේ එහි තැන්පත් කරනු ලැබේ. ඉන් අනතුරුව පසුදා 13 දා එම නිදන් වස්තූන් අනුරාධපුරයේ සඳහිරු සෑය පරිශ්‍රය වෙත රිය පෙරහැරකින් වැඩ ම කරවනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya