අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගී මාර්ගය ආරම්භ කිරීම වෙනුවෙන් පාසල් සිසුන් අතර චිත්‍ර, කථික හා රචනා තරගාවලියක්

    නොවැම්බර් 01, 2014

    උතුරු අධිවේගී මාර්ගය ආරම්භ කිරීම වෙනුවෙන් පාසල් සිසුන් අතර චිත්‍ර, කථික හා රචනා තරගාවලියක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ වරාය හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර තිබේ.


    3-5 ශ්‍රේණි කාණ්ඩය, 6-9 ශ්‍රේණි කාණ්ඩය, 10-13 ශ්‍රේණි කාණ්ඩය වශයෙන් චිත්‍ර තරගය වයස් කාණ්ඩ 3ක් ඔස්සේ පැවැත්වේ. සෑම චිත්‍රයක් ම අඟල් 18x14 ප්‍රමාණයේ ඝන චිත්‍ර කඩදාසියක ඇද වර්ණ ගන්වා තිබිය යුතු ය. චිත්‍ර වර්ණ කිරීම සඳහා දිය සායම්, පැස්ටල් ඇතුළු අතේ නොගෑවෙන ඕනෑ ම වර්ණ මාධ්‍යයක් භාවිත කළ හැකිය.

    අලංකාර ශ්‍රී ලංකාවක්, රටේ දියුණුව සඳහා අධිවේගී මාර්ග යොදා ගනිමු, සංවර්ධනය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට පිටුවහලකි, අපේ අනාගත පැතුම රටේ සංවර්ධනයයි, අධිවේගී මාර්ග ඉදිකිරීම ගම නගරයට කැඳවාගෙන යාමකි, ආරක්ෂිත ගමනක් යාම සඳහා අධිවේගී මාර්ගය යොද ගනිමු, ආකර්ෂණීය ශ්‍රී ලංකාවක් යන මාතෘකා ඔස්සේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

    එක් ශිෂ්‍යයෙකුට/ ශිෂ්‍යාවකට ඉදිරිපත් කළ හැක‍්කේ එක් චිත්‍රයක් පමණි.

    නිර්මාණය කර ලද චිත්‍රයේ පිටුපස ශිෂ්‍යයා/ශිෂ්‍යාවගේ නම, පාසල හා ලිපිනය, උපන් දිනය, වයස, චිත්‍රය ඉදිරිපත් කරන කාණ්ඩය, පෞද්ගලික ලිපිනය හා දුරකතන අංකය සඳහන් කර තම පාසලේ විදුහල්පති හෝ විෂය භාර ගුරුභවතාගේ අත්සනින් අධ්‍යාපන අධ්‍යක්ෂ, සෞන්දර්ය අධ්‍යාපන අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට නොවැම්බර් 06 දිනට පෙර එවිය යුතුය.

    මීට සමගාමීව සිංහල හා දෙමළ මාධ්‍ය රචනා හා කථික තරගයක් ද පැවැත්වේ. මෙම තරගයේ මූලික තරග මේ වන විට අවසන් කර ඇත. මෙහි ජාතික මහා තරගය නොවැම්බර් 10 දිනට පෙර පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර තුෂාර ගුණතිලක මහතා, අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ දූරකතන අංකය  071-4409124 ඔස්සේ  ලබා ගත හැකිය.

    NDH/kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya