අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලඹේ, සුසිතපුර අශෝකාරාම කඨින පිංකම අද හෙට

    ඔක්තෝබර් 18, 2014
    මාලඹේ, සුසිතපුර අශෝකාරාමයේ කඨින මහා පූජෝත්සවය අද (18) හා හෙට (19) දිනවලදී පැවැත්වේ. අද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා හෙට දින උදෑසන කඨින චීවර පූජාව හා මහා සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.
     
    මාලඹේ, සුසිතපුර අශෝකාරාමයේ විහාරාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය දිමියාවේ අමරවංස නායක ස්වාමීන් වහන්සේගේ  අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, කුලඟන සමිතිය හා සුසිත දහම් පාසැලේ ගුරුභවතුන් විසින් මෙම කඨින පිංකම සංවිධානය කර ඇත.
     
    මෙවර කඨින පූජෝත්සවය වෙනුවෙන් පසුගිය සතියක කාලයක සිට මහාමංගල, පරාභව, දේවදූත, ව්‍යග්ගපජ්ජ, සිඟාලෝවාද, කාලාම හා වසල සූත්‍ර ආශ්‍රයෙන් දිවයිනේ චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේලා විසින් ධර්ම දේශනා මාලාවක් ද පවත්වනු ලැබූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya