මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන රාජසිංහ රජුගේ සොහොන් ස්මාරකය සෙවීමේ කැනීම් ඇරඹේ

    ඔක්තෝබර් 07, 2014
    දෙවන රාජසිංහ රජුගේ සොහොන පිහිටි ස්ථානය යැයි අනුමාන කෙරෙන භූමියේ යටගියාව හෙළිකර ගැනීමත්, සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් තවදුරටත් විනාශයට පත්වීම වැළැක්වීම අරමුණු කරගනිමින් එම ස්ථානයේ පර්යේෂණ කැනීමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
     
    මෙම කැනීම් කාර්යය සඳහා වැඩි කාලයක් ගත නොවන බැවින් දෙවන රාජසිංහ රජු පිළිබඳ ව යම් තොරතුරු ඇත්නම් නොබෝ දිනකින් රටට හෙළිකිරීමට හැකිවෙතැයි ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
     
    හඟුරන්කෙත මහමළුවේ විෂ්ණු දේවාල පර්ශවයට වන්නට මීට දශක කිහිපයකට පෙර ශිලාමය ස්මාරකයක් පිහිටා තිබුණි. නොඋස් ගල්කණු 04ක් මත තරමක චතුරස්‍රාකාර ශාලා පුවරුවක් තැන්පත් කර තිබූ අතර පුවරුව මත එක්කොනක සිංහ රුවක් කැටයමට නඟා ඇත. මෙය නගර සංවර්ධන කාර්යයයේ දී 1980 දශකයේ විනාශයට පත් වූ අතර එම ස්මාරකයට අයත් ශිලා කොටස් කිහිපයක් පමණක් මේ වන විටත් නිරුපද්‍රිත ව මෙම ස්ථානයේ දක්නට ලැබේ.
     
    දෙවන රාජසිංහ රජුගේ ආදාහන පෙරහර පිළිබඳ ව රොබට් නොක්ස් සිය එදා හෙළදිව ග්‍රන්ථයේ ඉතා සිත්ගන්නා සුළු විස්තරයක් ගෙන එයි. මෙම ආදාහන පෙරහරට ඕලන්ද ආණ්ඩුකාරවරයා ද සම්බන්ධ වී තිබුණි. මෙම අවමඟුල් පෙරහර පවත්වන ලද්දේ හඟුරන්කෙතදී වන අතර එතුමාගේ රාජකීය දේහය ආදාහනය කරන ලද ස්ථානය ඉහත විස්තර කළ ස්මාරකය පිහිටි බිමකැයි අදහස් කරනු ලැබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya