අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “පෑළවිය - 2014” වැඩිහිටි ප්‍රණාම උළෙල

    සැප්තැම්බර් 30, 2014

    ඔක්තෝබර් 01ට යෙදී ඇති ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්  600 දෙනෙකු සඳහා උපහාර පිරිනැමීමේ අරමුණින් සංවිධානය කරනු ලබන “පෑළවිය - 2014” වැඩිහිටි ප්‍රණාම උළෙල ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) පෙ.ව. 8.00ට කොටිකාවත්ත සණස ශාලාවේදී පැවැත්වේ.


    තමන්ගේ තරුණ කාලය රට දැය වෙනුවෙන්, තම දරුවන් වෙනුවෙන් කැපකොට මේ වන විට විශ්‍රාමික ව කාලය ගතකරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙදින උපහාර ප්‍රදානය කිරීම සිදුකෙරේ. එමෙන් ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මානසික සංවර්ධනය ඇති කිරීමේ අරමුණින්, විද්වත් දේශන, රසවින්දනාත්මක වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක් ම මෙදින සංවිධානය කර ඇත. 

    මෙම උපහාර උළෙල තෙවන වරටත් සංවිධානය කරනු ලබන්නේ කොළොන්නාව පංචායුධ පදනම විසිනි.

    මෙම අවස්ථාවට කොළොන්නාව පංචායුධ පදනමේ සභාපති හා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමසිරි අමරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඥානදාස පෙරේරා යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya