අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හෙළ විරු රස උදානය" සූපවේදී ප්‍රදර්ශනය අදින් අවසන්

    සැප්තැම්බර් 28, 2014

    "හෙළ විරු රස උදානය" යුද හමුදා දැවැන්ත සූපවේදී ප්‍රදර්ශනයේ අවසන් දිනය අද (28)යි.


    සාම්ප්‍රදායික ආහාර වර්ග නැවත හඳුන්වා දෙමින්, පැරණි රස ගුණ පිරි ආහාර වර්ග ජනතාව අතරට නැවතත් රැගෙන ඒමේ අදිටනින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් යු.ඒ.බී. මැදවල මහතාගේ අධීක්ෂණයෙන් "හෙළ විරු රස උදානය" ආහාර ප්‍රදර්ශනයේ දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී විවෘත කෙරිණි.


    නුවරඑළියේ පැවති ප්‍රථම සූපවේදී සැණකෙළියේ දී වාර්තාගත අන්දමින් යුද හමුදා සූපවේදීන් සැකසූ ආහාරවල රස බැලීමට වෙළෙඳ කුටි වෙත විශාල පිරිසක් පැමිණ සිටි අතර මෙවර යුද හමුදාව සකසන දේශීය ආහාරවල රස බැලීමට මාතර ප්‍රදේශයට පැමිණෙන ජනතාවට ඒවා සකසන ආකාරය සිය දෑසින් දැකබලා ගැනීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.   

    බූන්දි, අලුවා, පට්ට‍අලුවා, පට්ට දොදොල්, කුරහන් තලප සහ ආනම, කිරළ බීම ආදිය ඇතුළත්ව තවත් දේශීය එළළු සහ රස කැවිලි මෙහි සැකසෙන අතර සහභාගී වන්නන්ට මේවා රසවිඳීමට ද අවස්ථාව ඇත. 

    "විවිධ ආහාර වර්ග" මැයෙන් නව ග්‍රන්ථයක් ද මෙහිදී එළිදැක්වුණු අතර එහි මුල් පිටපත යුද හමුදාපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

    දුර්ලභ සහ විශේෂිත ආහාර වර්ග පිළියෙල කොට පාසල් සිසුන් සඳහා විශේෂ වට්ටම් සහිත ව සහන මිලකට ඒවා අලෙවි කෙරේ. යුද හමුදා ලායා හෝටල් ජාලයේ සූපවේදීන් චීන සහ මැද පෙරදිග ආහාර වර්ග සෑදීමට එක් ව සිටීම ද මෙම අවස්ථාව තවත් වර්ණවත් වීමට හේතු වනු ඇත.

    මෙම සැණකෙළිය තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මඟින් රැස්කර ගන්නා අරමුදල් ආබාධිත සෙබළුන් ඇතුළු ව සියලු සෙබළුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් යෙදවීමට සැලසුම් කොට ඇත. කැලිප්සෝ සංගීත කණ්ඩායම් ඇතුළු යුද හමුදා සංගීත කණ්ඩායම් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන දින පුරාවට ම සංගීත රසාස්වාදය සපයනු ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ප්‍රමුඛ විශේෂ ආරාධිතයන් රැසක් සමාරම්භක අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya