අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අනගාරික ධර්මපාල අභිනන්දන - 2014''

    සැප්තැම්බර් 26, 2014

    අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 150 වන ජන්ම දිනය සමරනු වස්  ''අනගාරික ධර්මපාල අභිනන්දන - 2014'' විශේෂ සමරු වැඩසටහනක් පිළියන්දල, බටකැත්තර ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී සුමන දහම් පාසල මගින් ලබන 28 වැනි ඉරිදා පැවැත්වීමට සංවිධානය කොට තිබේ.

    අනගාරික ධර්මපාලතුමන්ගේ විශේෂ සමරු දේශනය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කිරීමට නියමිත අතර පූජ්‍ය අක්මීමන දයාරතන හිමි විසින් පැවිදි දේශනය සිදු කරනු ලැබීමට නියමිතය.

     

    ''අනගාරික ධර්මපාල අභිනන්දන - 2014'' සමරු උත්සවයට සමගාමී ව පවත්වන ලද අන්තර් දහම් පාසල් දහම් සංවාද තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර අන්තර් දහම් පාසල් දහම් සංවාද තරගාවලියේ අවසන් මහා දහම් සංවාදය ද එදින පැවැත්වීමට නියමිතය.

     

    මෙම අවස්ථාවට රන්පත්වල විමලරතන හිමි ප්‍රධාන මහා සංඝරත්නයත් බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, ප්‍රදේශයේ දේශපාලන නායකයින් මෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද සහභාගී වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya